මෙමගින් සිදුවන්නේ පරිශීලකයා දුරකතනය අල්ලාගෙන අවට ලෝකය දෙසට යොමු කලවිට විශේෂ ස්තාන එනම් ATM, කෝපිහල් හෝ වෙනත් ප්‍රසිද්ධ ස්තාන මෙමගින් real time පෙන්වනව. ඔබ සිටින්නේ Live View සමඟින් සෙවීම ලබා ගත හැකි නගරයක නම් Google Maps search bar එක තුල ඇති camera button එක මත tap කිරීමෙන් පසුව දුරකතනයේ කැමරාව අවට ඇති ගොඩනැගිලි සහ ස්ථාන වෙත යොමු කලවිට pop up එකක් මගින් එම landmarks පිලිබදව විස්තර දක්වනව. එහි ඇති තිත් මත ක්ලික් කිරීමෙන් එම ස්තාන පිලිබදව වැඩිදුර තොරතුරු දැනගත හැක.

මෙහි තවත් update කිහිපයක් එක්කර තිබෙනව. ඒ අතර EV charging station පිලිබදව සෙවීමක් කලවිට වඩාත් ඉක්මනින් බැටරිය ආරෝපණයක කරගත හැකි ස්තාන filter කර පෙන්වීම දැක්විය හැකියි.

එසේ එක්කල තවත් විශේෂාංගයක් වන්නෙ accessible places එකයි. එමගින් සෙවීමක් කරන ලද ගමනාන්තයේ wheelchair-accessible තිබේදැයි පෙන්වයි. මෙම update එක දැනට ලොවපුරා නිකුත් කර තිබෙනව.

තවත් විශේෂාංගයක් වන්නෙ පරිශීලකයාට නිශ්චිත ආහාර වේලක් පිලිබදව සෙවුමක් කලවිට එම ආහාර වේල ලබාගත හැකි පරිශීලකයාට ආසන්නේ ඇති අවන්හල් පිලිබදව විස්තර පෙන්වීමයි.

එසේම Multi search ක්‍රමය මගින් දැන් image සහ text යොදාගෙන වඩාත් නිවැරදි සෙවුමක් කරගැනීමේ හැකියාව තිබෙනව. තවත් නව විශේෂාංග කිහිපයක් හදුන්වා දෙන බව Google සමාගම පවසා තිබුනත් ඒ පිලිබදව තවමත් නිසි තොරතුරක් නිවේදනය කර නැත

Powered By ABLK STUDIOS