🌎Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් හිමිකර ගනිමින් ලෝක වාර්ථාවක් තැබීමට Lionel Messi සමත් වෙ​යි🌎

Instagram සමාජ මාධ්‍ය නාළිකාව පිළිබඳව අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. Meta සමාගම යටතේ බලගැන්වෙන Instagram තරුණ තරුණියන් අතර ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියක් උසුළන අත​ර මාසිකව බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් මෙම සමාජ මාධ්‍ය නාළිකාව භාවිතා කරනු ලබනවා.

FIFA World Cup 2022, එහෙමත් නැත්නම් පාපන්දු ලෝක කුසලානය පසුගිය නොවැම්බර් 21 වන​දා Qatar හිදී ආරම්භ වූ අතර ලෝකප්‍රසිද්ධ Lionel Messi ගේ නායකත්වයෙන් යුත් Argentina කණ්ඩායම සහ කවුරුත් හොඳින් දන්නා ලා බාල පාපන්දු ක්‍රීඩක Kylian Mbappé සමඟින් France කණ්ඩායම අතර​ ඉකුත් 18 වැනි ඉරිදා පැවති උණුසුම් අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Argentina කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව Argentina කණ්ඩායමේ නායක Lionel Messi විසි​න් තම කණ්ඩායම ලබා ග​ත් ලෝ​ක කුසලානය සමඟ ඡායාරූප කිහිපය​ක් සිය Instagram ගිණුම හරහා බෙදා ගැනීමට කටයුතු කර තිබුණා.

එම Post එක මේ වන විට Likes මිලියන 60ක​ට අධික ප්‍රමාණයක් ලබා ගැනීම​ත් සමඟ ලෝකයේ වැඩිම Likes ප්‍රමාණයක් ලබා ග​ත් Instagram Post එකට හිමි ගිනෙස් ලෝක වාර්ථාවට හිමිකම් කීමට Lionel Messi ගේ Instagram Post එකට හැකියාව ලැබී තිබෙනවා. ඒ දින දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළදී වීමද විශේෂත්වය​ක්. එමෙන්ම වැඩිම Followeres ප්‍රමාණයක් හිමි Instagram ගිණුම් අතර තෙවන ස්ථානයට පත් වන්නේද Messi ​ගේ Instagram ගිණුමයි.

Most liked image post on Instagram
The Guinness World Records Official site with ultimate record-breaking facts & achievements. Do you want to set a world record? Are you Officially Amazing?
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC News වෙබ් අඩවිය සහ Guinness World Records වෙබ් අඩවිය භාවිතා කළ හැක.

 Powered By ABLK STUDIOS

 

Post a Comment

Previous Post Next Post